domenica 27 febbraio 2011

විහඟ ආදරය

දොඩම් කටුවක මූණත වැනි කුඩා හොට ගී විදිල්ලකි, ඇස් අබ ඇට වැනිය, පාද පොල් කෙඳිවලින් තැනු තොටිල්ලක් බඳුය, වට තුරු පෙඳෙහි පිහාටු දේදුනු වළල්ලක් වැනි,
 ඔහු පැණි කුරුල්ලෙකි. ඇය පැණි කිරිල්ලියකි.
ගම පුරාවට දුව පැන ඇවිද ඉගිල්ලී ගොස් යන්තම් පැපොල් පළුවක් වැනි කැදැල්ලෙහි එකට තුරුලුවී රාත්‍රිය ගතකරන මේ කුරුලු යුවල පෙම් ලෝකයේ මැණික් සැඳැල්ලෙහි කාලය ගෙවති.
ගිරි ශිඛරය, තැනිතලාව (මිටියාවත ) නිල්වන් පඳුරුවල දළුමල් ලා සුවඳවත් වන වසන්තය එළඹෙත්ම ඇය ඒ අසිරියෙන් උමතු නොවී සිය සෙමියා ළඟට වී ( අදරයෙන් ) ගීත ගයනා කළාය.
දහවල් කාලයෙහි විඩාවට පත්ව නිල්වන් පඳුරු මත සිය රසවතා සමඟ කාලය ගතකරන විට, ඇය මල් කැකුළුවන් හොට නොතබා සැමියාගේ පියාපත් යට සැඟවන්නීය.
ඇය ගැබ්ගත් විගස ඒ හැඟීමෙන් යුතුව දෙදෙනා එක්ව මාරුවට විවිධ දුක් කම්කටොලු විඳදරාගෙන රකිනු ලබන බිත්තරවලට උණුසුම ලබාදී එක්තරා දවසක හිරු උදාවත් සමඟ දරුවන්ගේ මුහුණ දැක ගත්තෝය.
කුරුලු පැටවගේ පියාපත් ශක්තිමත්ව වැඩී නිදහසේ සැරිසරන්නට හැකිවන තෙක් වෙල් එලියේ පියඹා ගොස් පනුවන් (ආහාර ) සොයා සති කීපයක්ම දවල් කලයේ පුරාවටම වෙහෙස වී දරු සෙනෙහස මතුකොට අඹුසැමි සුව පහසුව අමතක කර දමා,
පුංචි දරුපැටවාට හැකි සෑම සුවයක්ම ලබදී හැම උදයකම රිවිරැස් පහස ලැබ ස්තුති ගීතිකා ගයමින් කුරුලු යුවල සතුටින් පසුවන කල්හි තාරුණ්‍යයේ පියාපත් සලමින් කුරුලු පැටවා කැදැල්ලෙන් පියාසර කොට නව ලෝකයකට පිවිසියේය.
 මුදු මොලොක් පියපත් ශක්තිමත් ලෙස වැඩී දෙමාපියන් සමඟ විසු පැණි කුරුලු පැටවා කැදැල්ලෙන් නික්ම නව ලෝකය කරා පියාසලා ගිය පසු යළිත් පැරණි කුරුලු යුවල සුරතල් ආදරබර කතාබසින් යුතුව පෙම්දමින් වෙලී කාලය ගත කරන්නට පටන් ගත්හ..........