sabato 29 ottobre 2011

නිල් මානෙල් මල් කැකුළ.....



සඳට තරුකැටි පෙම්කරන තරමට...
මල් කැකුළකට බිඟුන් ලංවෙන තරමට...
සයුරු තෙරට පුංචි ඔරුවක් ඇදෙන තරමට...
චමත්කාරයි මගෙ පුංචි නංගියේ නුඹ මට...

පවු නැහැ සමනළයෙක් මල්පැණි බීවාට
තරහ නැහැ පුංචි මාලු ගංඟාවත් එක්ක
සිනහව අද්දරට කදුලක් සුසුමක් ආවට
වැටෙන්නෙ නම් නැහැ ඔබ ශක්තිමත්
මට විශ්වාසයි ඒක...

පුංචි මල් එක්ක කවි කියන්න 
කුරුළුපැටවුගෙ ගී අහන්න
සාපැටියෙක් තරමට අහිංසක වෙන්න
නමුත් තවමත් අත්තටු සවි නැහැ මේ අහසේ 
පියාඹන්න...

රෝසමල් ලස්සනයි නමුත් නටුවේ කටුයි.
සුවඳමුත්  ඒ සුවඳ පවතින්නෙ ටික දිනයි..
ඒනිසා මගේ දයබර නැගනිය ඔබ,
මඩෙහි පිපී සුවඳ හමන නිල් මානෙල්
මල් කැකුළක්ම වේවා...!
මඩෙහි පිපුනත් විලම සුවඳ කරන බිඟුට 
රොන් පුදන බුදුන් අබියස පිදෙන මානෙල් 
මලක්ම වේවා!

                                                                                                                       
                                                                                       *ඔබේ දයාබර අයියා අනුරංග.(පොඩි අයියා)

domenica 25 settembre 2011

මගේ දෙමාපියන් සහ අධ්‍යාපනය.....


ජීවිතේට අවශ්‍යම දේ අපේ අධ්‍යාපනය, ඒ දෙය හරියට ඉගෙන ගත්තේ නැත්නම් සාර්ථක ජීවිතයක් ගත කිරීම අමාරුය. මට ඉඩකඩ ඇති හැම මොහොතකම පොත පත කියවලා දැනුම එක් රැස් කර ගැනිම මගේ විනෝදන්ශයක් වී තිබුනි, මගේ තාත්තායි, අම්මයි ඒ හැම දෙයක් පිටු පසම හිටියා මාව කවදාවත්ම තනි කරේ නැහැ.. එයාලා තමයි මගේ ශක්තිය.. මාව නිවෙන්න නොදී දල්වන එළිය.. මං මගේ දෙමාපියන්ට සාදා ණය ගැතී..

martedì 20 settembre 2011

ජීවිතයට යමක් (For Life) - රන් කියමන්


“පරාජය ගැන බිය වන පුද්ගලයාට හිමිවන්නේ පරාජයමයි.”
1805 සිට 1814 දක්වා ඉතාලියේ රජ කල නැපෝලියන් බොනපාට් විසින් මේ කියමන කියන ලදී.

venerdì 29 luglio 2011

මගක මහිම

පෙර කලේ ඈත පෙදෙස්වල ඉන්නා නැදැයන් හිත මිතුරන් බලන්න ගියේ බෝහෝ ම විවේකයෙන් සතුටින්. කෑම වර්ග එහෙම අරගෙන ඒ යනකොට මග දි ලැබු අත්දැකීම් කවියට නැගීමත් ඒ අයගේ පුරුද්දක් විය.
                                                                                       
  කොළඹ කොට්ටේ රජ පැවති                        කාලේ
  ඔයක් තිබුණි බෙල්ලන්තොට කඩොල්          කැලේ
  රිලා වදුරු කැස්බෑවන් දෙගන්                         තලේ
  බලා පදිව් රජසිහ කප්පපු                                ඇළේ

  දෙපෝදාක වැව් බැම්මේ යන                       කලට
  කන්දොස්කිරියව මැඩ්යන්ගේ                       එමට
  ජබු ජබු ගගා දිය පිට පනින                           කොට
  අල්ලා ගන්ට හිතුණ මගෙ අත්                      දෙකට

   කිතුලනේ පිල පිට මම ඉන්න                          කොට
   රොටී උයා ගොඩ ගැසුවේ                         කුල්ලකට
   බෙදා හදා කමු කියලා ඉන්න                           කොට
   රොටී ගියා කිතුලානේ පිල                                 දිගට

   කොළඹ කොටුවෙ කොටු දොරකඩ                තප්පේ
   ඩකු ඩුකු ගගා බිම පෙරළන                             පීප්පේ
   එගොඩ කඩේ තේ විකුණන                        කෝප්පේ
   දෙනවද අක්කෙ ඔය පුච්චන                            ආප්පේ

   කන්දේ ගසේ පල ගන්නේ                             පතම්බා
   ගගට නැමුණු අත්තේ පලු                               මුරුංගා
    තැටි පුරු වී බිම වැටෙනා                               කුරුම්බා
   තොප රට නැද්ද විකුණන                              කාමරංගා

sabato 23 luglio 2011

සඳ කිරණ යටින් ඔබ එන්න


සඳ කිරණ යටින් ඔබ එන්න
ඝන අන්ධකාරය බිඳලන්න
මොහොතක් නැවතෙන්න
ඒ සුසුම යටින් සිපගන්න

වේදනා….. කඳුළු අතරේ……
නොනැගෙනා මිහිර දැනුනේ…
ඔබ එන්න සිපගන්න
වළාකුල මතින් පැමිණෙන්න
ඔබ එන්න සවන් දෙන්න
ගීතිකා මුමුණන්න
මතකයේ ඡායා අතරේ
නොනැගෙනා සිහිල මතුවේ
දුහුවිල්ලෙන් නැළවිල්ලෙන්
ඡායාවෙන් මිනිස්කම වැගිර්
ඔබ එන්න සවන් දෙන්න
මොහොතක් ළඟින් නැවතෙන්න
සිපගන්න මුමුණන්න
තුරුලුවී සොවින් සැතපෙන්න
සොවින් දුකින් සිපගන්න
මොහොතක් නතර වෙන්න
වේදනා…. කඳුළු අතරේ….
සඳ කිරණක් එළිය දුටුවේ
මල් මත්තේ පියනැගුවේ
විහඟ ගීතේ නැළවූයේ
ඔබ එන්න සවන් දෙන්න
සඳ කිරණ යටින් එළියක් වෙන්න
ඔබ එන්න මුමුණන්න
ගීතිකා මතින් නැවතෙන්න……..

venerdì 8 aprile 2011

ගම අමතකයි

                                                                                                           

venerdì 25 marzo 2011

රකිමු අපේ ලංකා

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්           නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්           නේ

හිස් මොළ තිබෙද්දිත් මේ බව නොතකන්   නේ
ඇස් ගෙඩිවලට හෙණ ගහලද සිහලුන්        නේ

ඇති යම් බලය පමණින් තම තමන් හ       ට
යුතුකම් ඉටු කරනු මිස සමයට රට           ට

පැරදුම් දිනුම් වැනසුම් සැනසුම්වල          ට
සැලසුම් නොකොට එවු කවුරුත් ඉදිරිය  ට

කියවිම පිරිපුන් මිනිසෙකු නිර්මාණය කරයි.

කියවිමෙන්, ඇසීමෙන් හා බැලීමෙන් අපට දැනුම ලබාගත හැකිය. අසීමෙන් හා දෙකීමෙන් බොහෝ විට අත්දැකීමක් අපට ලබාගත හැකි වුවත් තිරසාර දැනුම් සම්භාරයක් අපට ලබාගත හැකි වන්නේ පත පොත කියවීමෙනි. පොතපත එයින් වඩාත් වැදගත් වන්නේ ඒවායේ අන්තර්ගත වී ඇත්තේ විද්වත් ජනතාවගේ දැනුම් සම්භාරයක් බැවිනි. අපට පාසලේදී විෂයයන් කිහිපයක් පිළිබඳ මූලික දැනුමක් එක් එක් ශ්‍රේණි මට්ටමේ දී ලබාගත හැකි වුවත්, එය අපේ එදිනෙදා ජිවිත අවශ්‍යතාවන් සපුරා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
පාසල්වල, විශ්ව විද්‍යලවල, ගම් දනව්වල හා නගරවල, තානාපති කර්යාල හා සම්බන්ධ (British Council ) වැනි ආයතනවල පුස්තකාල පිහිටුවා ඇත්තේ ඒවායේ ඇතුළත් පොත පත කියවා වැඩි වැඩියෙන් දැනුම ලබා ගැනිම සඳහාය.

 මේ link එක click කරන්න

lunedì 21 marzo 2011

ලස්සන කැදැල්ලක්

           යමු යමු සොදුර රන්වන් හිරු එළිය සි    ප
            රජදහනකට ඉගිලී යමු අපට කැ             ප
           වනදෙව් ලොවේ වලදන්නට සියලු සැ   ප
           ලස්සන කැදැල්ලක් බැදගත යුතුව අ      ප

domenica 27 febbraio 2011

විහඟ ආදරය

දොඩම් කටුවක මූණත වැනි කුඩා හොට ගී විදිල්ලකි, ඇස් අබ ඇට වැනිය, පාද පොල් කෙඳිවලින් තැනු තොටිල්ලක් බඳුය, වට තුරු පෙඳෙහි පිහාටු දේදුනු වළල්ලක් වැනි,
 ඔහු පැණි කුරුල්ලෙකි. ඇය පැණි කිරිල්ලියකි.
ගම පුරාවට දුව පැන ඇවිද ඉගිල්ලී ගොස් යන්තම් පැපොල් පළුවක් වැනි කැදැල්ලෙහි එකට තුරුලුවී රාත්‍රිය ගතකරන මේ කුරුලු යුවල පෙම් ලෝකයේ මැණික් සැඳැල්ලෙහි කාලය ගෙවති.
ගිරි ශිඛරය, තැනිතලාව (මිටියාවත ) නිල්වන් පඳුරුවල දළුමල් ලා සුවඳවත් වන වසන්තය එළඹෙත්ම ඇය ඒ අසිරියෙන් උමතු නොවී සිය සෙමියා ළඟට වී ( අදරයෙන් ) ගීත ගයනා කළාය.
දහවල් කාලයෙහි විඩාවට පත්ව නිල්වන් පඳුරු මත සිය රසවතා සමඟ කාලය ගතකරන විට, ඇය මල් කැකුළුවන් හොට නොතබා සැමියාගේ පියාපත් යට සැඟවන්නීය.
ඇය ගැබ්ගත් විගස ඒ හැඟීමෙන් යුතුව දෙදෙනා එක්ව මාරුවට විවිධ දුක් කම්කටොලු විඳදරාගෙන රකිනු ලබන බිත්තරවලට උණුසුම ලබාදී එක්තරා දවසක හිරු උදාවත් සමඟ දරුවන්ගේ මුහුණ දැක ගත්තෝය.
කුරුලු පැටවගේ පියාපත් ශක්තිමත්ව වැඩී නිදහසේ සැරිසරන්නට හැකිවන තෙක් වෙල් එලියේ පියඹා ගොස් පනුවන් (ආහාර ) සොයා සති කීපයක්ම දවල් කලයේ පුරාවටම වෙහෙස වී දරු සෙනෙහස මතුකොට අඹුසැමි සුව පහසුව අමතක කර දමා,
පුංචි දරුපැටවාට හැකි සෑම සුවයක්ම ලබදී හැම උදයකම රිවිරැස් පහස ලැබ ස්තුති ගීතිකා ගයමින් කුරුලු යුවල සතුටින් පසුවන කල්හි තාරුණ්‍යයේ පියාපත් සලමින් කුරුලු පැටවා කැදැල්ලෙන් පියාසර කොට නව ලෝකයකට පිවිසියේය.
 මුදු මොලොක් පියපත් ශක්තිමත් ලෙස වැඩී දෙමාපියන් සමඟ විසු පැණි කුරුලු පැටවා කැදැල්ලෙන් නික්ම නව ලෝකය කරා පියාසලා ගිය පසු යළිත් පැරණි කුරුලු යුවල සුරතල් ආදරබර කතාබසින් යුතුව පෙම්දමින් වෙලී කාලය ගත කරන්නට පටන් ගත්හ..........