sabato 29 ottobre 2011

නිල් මානෙල් මල් කැකුළ.....



සඳට තරුකැටි පෙම්කරන තරමට...
මල් කැකුළකට බිඟුන් ලංවෙන තරමට...
සයුරු තෙරට පුංචි ඔරුවක් ඇදෙන තරමට...
චමත්කාරයි මගෙ පුංචි නංගියේ නුඹ මට...

පවු නැහැ සමනළයෙක් මල්පැණි බීවාට
තරහ නැහැ පුංචි මාලු ගංඟාවත් එක්ක
සිනහව අද්දරට කදුලක් සුසුමක් ආවට
වැටෙන්නෙ නම් නැහැ ඔබ ශක්තිමත්
මට විශ්වාසයි ඒක...

පුංචි මල් එක්ක කවි කියන්න 
කුරුළුපැටවුගෙ ගී අහන්න
සාපැටියෙක් තරමට අහිංසක වෙන්න
නමුත් තවමත් අත්තටු සවි නැහැ මේ අහසේ 
පියාඹන්න...

රෝසමල් ලස්සනයි නමුත් නටුවේ කටුයි.
සුවඳමුත්  ඒ සුවඳ පවතින්නෙ ටික දිනයි..
ඒනිසා මගේ දයබර නැගනිය ඔබ,
මඩෙහි පිපී සුවඳ හමන නිල් මානෙල්
මල් කැකුළක්ම වේවා...!
මඩෙහි පිපුනත් විලම සුවඳ කරන බිඟුට 
රොන් පුදන බුදුන් අබියස පිදෙන මානෙල් 
මලක්ම වේවා!

                                                                                                                       
                                                                                       *ඔබේ දයාබර අයියා අනුරංග.(පොඩි අයියා)