වේදනා….. කඳුළු අතරේ……
නොනැගෙනා මිහිර දැනුනේ…
නොනැගෙනා මිහිර දැනුනේ…
ඔබ එන්න සිපගන්න
වළාකුල මතින් පැමිණෙන්න
ඔබ එන්න සවන් දෙන්න
ගීතිකා මුමුණන්න
වළාකුල මතින් පැමිණෙන්න
ඔබ එන්න සවන් දෙන්න
ගීතිකා මුමුණන්න
මතකයේ ඡායා අතරේ
නොනැගෙනා සිහිල මතුවේ
දුහුවිල්ලෙන් නැළවිල්ලෙන්
ඡායාවෙන් මිනිස්කම වැගිර්
නොනැගෙනා සිහිල මතුවේ
දුහුවිල්ලෙන් නැළවිල්ලෙන්
ඡායාවෙන් මිනිස්කම වැගිර්
ඔබ එන්න සවන් දෙන්න
මොහොතක් ළඟින් නැවතෙන්න
සිපගන්න මුමුණන්න
තුරුලුවී සොවින් සැතපෙන්න
සොවින් දුකින් සිපගන්න
මොහොතක් නතර වෙන්න
මොහොතක් ළඟින් නැවතෙන්න
සිපගන්න මුමුණන්න
තුරුලුවී සොවින් සැතපෙන්න
සොවින් දුකින් සිපගන්න
මොහොතක් නතර වෙන්න
වේදනා…. කඳුළු අතරේ….
සඳ කිරණක් එළිය දුටුවේ
මල් මත්තේ පියනැගුවේ
විහඟ ගීතේ නැළවූයේ
සඳ කිරණක් එළිය දුටුවේ
මල් මත්තේ පියනැගුවේ
විහඟ ගීතේ නැළවූයේ
ඔබ එන්න සවන් දෙන්න
සඳ කිරණ යටින් එළියක් වෙන්න
ඔබ එන්න මුමුණන්න
ගීතිකා මතින් නැවතෙන්න……..
සඳ කිරණ යටින් එළියක් වෙන්න
ඔබ එන්න මුමුණන්න
ගීතිකා මතින් නැවතෙන්න……..
Nessun commento:
Posta un commento